රජයේ ආයතන සඳහා නව වාහන මිලදී ගැනීම අත්හිටුවමින් මුදල් අමාත්‍යංශය විසින් චක‍්‍රලේඛයක් නිකුත් කර තිබියදීත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරීන් පස්දෙනෙකු වෙනුවෙන් අලූතින් වාහන ගෙන්වීමට ලංසු කැදවා ඇත.
ලංක ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමය පවසන්නේ ටොයෝටා, මර්සිඞීස් බෙන්ස්, අවුඩි, නිසාන් සනී, බී. එම්. ඩබ්ලිව්, හයිහුන්ඩායි, මිට්සුබිෂි සහ හොන්ඩා යන වර්ග අතුරින් වාහන පහක් ගෙන්වීමට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ තාක්ෂණි ඇගැයීම් කමිටුව ලංසු කැදවීමට අනුමැතිය දී ඇති බවයි.




