Friday, May 22, 2015
ඇමරිකාවේ ලොකුම රහස Area 51: මෙහි කඩාගෙන වැටුණු පිටසක්වල යානයක් යොදාගෙන ඒක නැවත ප්‍රතිනිර්මාණය කරනවද?
Area 51 කිව්වම නොදන්නෙ කවුද නේද? ඇමෙරිකාවේ නොවාඩාවල තියෙන හමුදා කඳවුරක් තමයි Area 51 කියන අනුවර්ථ නාමයෙන් හඳුන්වන්නෙ. මේ ගැන කියවෙන කතා තමයි Area 51 කියන ප්‍රදේශයේ 1947 දි රොස්වෙල් වලට කඩාගෙන වැටුණු පිටසක්වල යානයක් යොදාගෙන ඒක නැවත ප්‍රතිනිර්මාණය කරන්න උත්සහ කරනව කියන එක සහ මේ අතරෙ කටකතා පැතිරුණා කඩාවැටුණු යානයේ හිටපු පිටසක්වල ජීවියෙක් මිනිසුන්ට උදව්කරමින් ඉන්නව කියන එක.
1947 දි ඇමෙරිකාවෙ රොස්වෙල් කියන ප්‍රදේශයට
හඳුනා නොගත් යානවක් කඩාගෙන වැටුණා. එතන බලධාරීන් කිව්වා එතනට පිටසක්වල යානයක් කඩාගෙන වැටුනා කියල. ඒත් ටික දවසකින් ආයෙත් එයාල කිව්වා ඒ වැටුණෙ පිටසක්වල යානයක් නෙවෙයි ඒක නිකන්ම කාලගුණ බැලූනයක් කියල. ඒත්… ඒක පිළිගන්න මිනිස්සු කැමතිවුනේ නෑ… ඒක කියන විදිහෙ කාලගුණ බැලූනයක් නම් ඇයි ඒක හඳුනාගන්න බැරිවුනේ ඒක වැටුණ ගමන්ම? මේ සිද්ධියෙන් පස්සෙ තමයි ඇමෙරිකාවේ රහසිගත හමුදා මූලස්ථානය “Area 51″ කියන ප්‍රදේශය කරලියට ආවෙ. එහෙ බලධාරීන් මේ Area 51 කියන ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් කලා. ඒත් එක්කම ඒ ප්‍රදේශයේ කලින් අරන් අන්තර්ජාලයේ තිබුණු ඡායාරූප වහාම ඉවත්කලා. මේ හේතුව නිසාම මේ Area 51 කියන ප්‍රදේශය ගැන නොයෙක් කටකතා පැතිරුණා.
මෙහෙම පැතිරුණු කතාවන් අතරෙ තියෙනව මේක ඇමෙරිකානු රජය හා පිටසක්වල ජීවීන් හමුවෙන්න යොදාගන්නා තැනක්ලු. මේක රහස් මෙහෙයුම් කරන තැනක්ලු. මේකෙ ක්ලෝනීයකරණය ගැන පරීක්ෂණ පවත්වනවලු. මේවගෙන් වඩාත්ම ප්‍රසිද්ධම කතාව තමයි මේ Area 51 කියන ප්‍රදේශයේ 1947 දි රොස්වෙල් වලට කඩාගෙන වැටුණු පිටසක්වල යානය යොදාගෙන ඒක නැවත ප්‍රතිනිර්මාණය කරන්න උත්සහ කරනව කියන එක. මේ අතරෙ කටකතා පැතිරුණා කඩාවැටුණු යානයේ හිටපු පිටසක්වල ජීවියෙක් මිනිසුන්ට උදව්කරමින් ඉන්නව කියන එක. මේව කොහොම ඇත්තද බොරුද කියන්න ඇත්තටම මේ Area 51 ප්‍රදේශයට යන්නම වෙනවා.
ඒවගේම තමයි මේ පිටසක්වල යානය ප්‍රතිනිර්මාණය කරන එක, පිටසක්වල ජීවියෙක් මේ ප්‍රදේශයේ ඉන්නවා කියන එක නිකන් සාමාන්‍ය පුද්ගලයින් කියපු කතා නෙවෙයි. ඒවා මේ Area 51 ප්‍රදේශයේ රාජකාරි කරපු අය මියගියාට පස්සෙ හෙලිවුණ කරුණු. ඒක නිසා මිනිස්සු මේව බොරු කියල ඉවතදාන්නත් කැමති නෑ…
මේ හැම රහසක්ම සඟවගෙන Area 51 කියන ප්‍රදේශය තවමත් රහසිගතව පවතිනවා
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment